Friday, August 15, 2014

මගේ පළවෙනි හාද්ද.


මගේ නම මේරි ජේන්. මම හරිම ලැජ්ජාශීලී කෙල්ලෙක්. ඉතින් මගේ පළවෙනි පෙම්වතත් එහෙමම තමා. අපි දෙන්නා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනගත්තා. අපි යාළු වුණේ මාස හයකට විතර කලින්. ඉතින් අපි අත් අල්ලාගෙන හිටියා, චිත්‍රපටි බැලුවා, ඔය එක එක පිස්සු දේවල් කථා කරා. කොහොමහරි අපි දෙන්නා නිතරම සිපගන්න ඔන්න මෙන්න අවස්ථාවට එනවා. අපි දෙන්නම දන්නවා සිපගන්න ඕන කියලා. ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒක කරන්න ධෛර්යයක් නැහැ. 

අන්තිමට, අපි දෙන්නා සාලේ ඉදගෙන ඉන්න වෙලාවට ඔහු මුලින්ම ඒක කරන්න තීරණය කරා. අපි කාලගුණය ගැන තමයි කථා කර කර හිටියේ. ඊට පස්සේ ඔහු මගේ මූණට ඔහුගේ මූණ ළං කරා. මම කොට්ටයකින් අවහිර කරා. ඔහු කොට්ටය සිපගත්තා!

මටත් ඔහුව සිපගන්න ලොකු ඕනෑකමක් තිබ්බේ. ආයිත් ඔහු මම ගාවට ළං වුණා. මම අයින් වුණා. ඔහු තවත් ළං වුණා. ඒ වෙලාවේ අපි චිත්‍රපටයක් ගැන කථා කර කර හිටියේ. ඔහු ආයිත්  ළං වුණා. මමත් ආයිත් ඔහුව අවහිර කරා. 

මම පිටිපස්සට ගියා. ඔහු මගේ පස්සෙන් ආවා. අපි කථා කරා. ඔහු තවත් ළං වුනා... මම ගෙදර ඉස්සරහ දොර ගාවට ගිහින් හිටගත්තා. ඊට පස්සේ බිත්තියට විරුද්ධව මූණ හරවගෙන අත් දෙකෙන් කටවහගෙන ඔහුගෙන් මෙහෙම ඇහුවා.

‘‘ හරි, ඔයා දැන් මාව සිපගන්නද යන්නේ? ‘‘

‘‘ ඔවු. ‘‘ ඔහු කිව්වා. 

ඉතින් මම කෙලින් හිටගෙන ඇස් දෙක වහගත්තා. ඉතින් මම තොල්දෙක ඉස්සරහට දික් කරා. මම ඇස් දෙක පියාගෙන එහෙම දිගටම හිටියා. (ඇයි ඔහු මාව සිපගන්නේ නැත්තේ?) මම ඇස් දෙක ඇරියා. ඔහු මගේ ඉස්සරහට එනවා. මම හිනාවුනා.

ඔහු මගේ දත් සිපගත්තා!

ඔහු එතනින් ගියා.

එදා වෙච්ච මගේ අමුතු හැසිරීම එයා කාටහරි කියයිද කියලා මට හිතා ගන්න බැරිවුණා. ඉතින් මම ඒක වුණු දවසේ ඉදන් අවුරුදු දෙකක් ගොඩක් අයගෙන් ඈත් වෙලා ජීවත් වුණා. විශ්ව විද්‍යාලයේ කාත් එක්කවත් යාළු වුණේ නෑ. මම ඉස්කෝලේ පඩිපෙලේ ඇවිදගෙන යද්දී අර කලින් හාදයා හරි වෙන කොල්ලෙක් දැක්කනම් මම ක්ෂණිකව ළගම තියෙන කාමරේකට රිංගනවා. ඊට පස්සේ ඔහු යනකන් ඉදලා යනවා. මම මෙහෙම මුහුණ නොදුන්නේ මම පොඩිකාලේ ඉදන්ම අදුරන කොල්ලන්ට.

විශ්ව විද්‍යාලයේ පළවෙනි අවුරුද්දෙදි, මම අධිෂ්ටාන කරගත්තා ගොඩ කාලයක් ලැජ්ජාශීලී වෙන්නේ නෑ කියලා. මට විශ්වාසවන්තව සහ විනීතව සිපගන්න ඕන වුණා. ඒ්ක මම කරා.

වසන්ත කාලයේදී මම ගෙදර ගියා. ඊට පස්සේ අපි නිතරම ගිය බාර් එකට ගියා. හිතන්න පුළුවන්ද එදා බාර් එකේ ඉදගෙන හිටියේ කවුද කියලා. මාව එදා සිපගන්න ගිය කොල්ලා. මම ඔහු ඉන්න තැනට ගිහින් ඔහුගේ පිටට තට්ටු කරා. ඔහුගේ පුටුව පස්සට තල්ලු කරලා මා ගාවට ඇදලා ගත්තා. ඊට පස්සේ මම ඔහුව මගේ හොදම හාදුවෙන් සිපගත්තා. අනතුරුව ඔහු ඉදිරියේ හිටගෙන මම කිව්වා 

‘‘ ඔන්න එහෙනම් මම ඒක කරා‘‘ කියලා.

ඔහු මට එහා පැත්තෙන් හිටපු ගැහැණිය පෙන්නලා කිව්වා. 

‘‘ මෙරි ජේන්. මම කැමතියි මගේ බිරිදට ඔයාට හදුන්වලා දෙන්න‘‘ 


Mary Jane West-Delgado
පරිවර්ථනය- බුද්ධිල යසස්

No comments:

Post a Comment