Friday, August 15, 2014

හැමතිස්සෙම දෙයක් හිතන්න!


ඇමරිකාවේ ඉතාම ප්‍රසිද්ධ හා ඉතාම දක්ෂ බැංකුකරුවකු වන ප්‍රෑන්ක් ඒ. වැන්ඩර්ලිප් නිව්යෝර්ක් නගරයේ නැෂනල් සිටි බැංකුවේ වැඩ කරන්නට ගියේය.

දක්ෂයකු වූ බැවින් හා වටිනා මිනිසකු සේ පිළිගැනෙන්නට හේතු වුනු මුදුන් පමුණුවාගැනීම් පිළිබද වාර්තා තිබුණ බැවින් ආරම්භයේ සිට ම ඔහුගේ වැටුප සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වුයේය. 

කදිම මැහෝගනි මේසයකින් හා සනීප පුටුවකින් යුතු පෞද්ගලික කාර්ය්‍යාලයයක් ඔහුට දෙනු ලැබුවේය. පිටත ලේකම් කෙනෙකුගේ මේසයට සම්බන්ධ විදුලි බොත්තමක් මේසයට මුදුනෙහි වූයේය.

ඔහුගේ මේසය වෙත කිසිම වැඩක් නොපැමිණ පළමු දිනය ගෙවී ගියේය. දෙවැනි තුන්වැනි හා හතරවැනි දිනත් වැඩක් නැතිව ගෙවී ගියේය. කිසිවකු ඇතුළට පැමිණියේ වත් කිසිවක් කීවේත් නැත.

සතිය අවසානයේදී හෙතෙම නොසන්සුන් වීමට පටන්ගත්තේය. (ක්‍රියාකාරී මිනිස්සු පෙනෙන්නට වැඩක් නැති හැම විටකම නොසන්සුන් වෙති.) 

ඊළග සතියේදී වැන්ඩර්ලිප් මහතා සභාපතිගේ කාමරයට ගොස් ‘‘ මේ බලන්න. ඔබ මට විශාල පඩියක් ගෙවන නමුත් කරන්නට කිසිවක් පවරන්නේ නැත. එය මහත් තැවුලට හේතුවක් ‘‘ යැයි කීයේය.

සිය තියුණු ඇස්වලින් කාන්තියක් පිට කරමින් සභාපතිවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. 

‘‘ කිසිත් කරන්නට නැතිව එහි ඉදගෙන සිටින අතර මා කල්පනා කළා මේ බැංකුවේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ සැලැස්මක් ගැන ‘‘ යැයි වැන්ඩලිප් මහත් තව දුරටත් කීයේය.

සිතීමත් සැලැසුමුත් අගනා දේවල් බව ඒකාන්ත ස්වරයකින් පවසා ඒ සාකච්ඡාව දිගට කැර ගෙන යන මෙන් සභාපතිවරයා ඔහුට කීවේය.

‘‘ බැදුම්කර ව්‍යාපාරයෙන් මා ලබා ඇති අත්දැකීම්වල වාසිය බැංකුවට ලැබෙන ආකාරයේ සැලැස්මක් ගැන මා හිතුවා. බැදුම්කර දෙපාර්තමේන්තුවක් මේ බැංකුවෙහි ඇති කරන මෙන් හා එය අප ව්‍යාපාරයේ අංගයක් හැටියට ප්‍රචාරය කරන මෙන් මා යෝජනා කරනවා. ‘‘ යැයි වැන්ඩලිප් මහතා කීයේය.

‘‘ මොකක් මේ බැංකුව ප්‍රචාරය කරන්න ‘‘ යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. ව්‍යාපරික කටයුතු පටන් ගත් දා සිට අප කිසි දාක ප්‍රචාරයක් කළේ නැහැ. ප්‍රචාරයකින් තොරව කටයුතු කැරගෙන යන්නට අපට හැකිවී තිබෙනවා.

‘‘ හොදයි, ඔබ ප්‍රචාරය පටන් ගන්නට යන්නේ මෙතැනින් ‘‘ යැයි වැන්ඩලිප් මහතා කීයේය. ‘‘ ඔබ ප්‍රචාරය කරන්නට යන පළමු වැන්න මා සැලැසුම් කැර තිබෙන බැදුම්කර දෙපාර්තමේන්තුවයි!‘‘ 

වැන්ඩලිප් මහතා දිනුවේය! ක්‍රියාකාරී පුද්ගලයෝ සිරිතක් වශයෙන්ම දිනති. කවරම බැංකුවකින් කවරදාක හෝ කැර ගෙන ගිය ප්‍රගතශීලී ඵලදායක ප්‍රචාරයට මුල පිරුනේ ඒ සාකච්ඡාවෙන් බැවින් නැෂනල් සිටි බැංකුවද දිනුවේය. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ බැංකුව ඇමරිකාවේ තිබෙන ඉතාම බලගතු මූල්‍ය ආයතනයන් ගෙන් එකක් බවට පත් වූයේය.

No comments:

Post a Comment