Thursday, August 28, 2014


1995 වසන්තයේ දවසක අපේ පාසලේ වැඩසටහනකදී මට කථාවක් පවත්වන්න සිදුවුණි. ඉතින් ඔය වැඩසටහන අවසානයේදී විදුහල්පතිතුවා මට යෝජනාවක් ගෙනාවේය. ඒ කුමක්ද යත් විශේෂ ළමයෙක් බැලීමට යාමයි. එය සිදුවුණේ විදුහල්පති විසින් මට ගෙවීමක් කරන පොරොන්දුවක් මතය. කාලකණ්ණි අසනීපයක් නිසා ඒ ළමයා ගෙදරට වී සිටියත් ඔහු මාව හමුවන්න කැමති වුණි. මම අවසානයේ විදුහල්පතිගේ යෝජනාවට එකග වුණි.

ඔහු නමින් මැතිව් ය. හැතැප්ම නවයක රිය පැදවීමකින් අනතුරුව ඔහුගේ නිවසට ගොඩ වැදුණු මම ඔහු ගැන යම් යම් විස්තර ටිකක් හොයාගත්තෙමි. ඔහුට උපතේ සිට තිබෙන මාංශපේශි දුර්වලතායක් තිබිණි. ඔහු උපත ලබන විට දොස්තරවරුන් පවසා සිටියේ මොහු අවුරුදු 5 වනතුරු ජීවත්ව නොසිටින බවය. අවුරුදු 5න් පසුව ඔවුන් පැවසුවේ ඔහු අවුරුදු 10 වෙනකන් ජීවත්ව වන්නේ නැති බවය. දැන් වයස 13 වන ඔහු සැබවින්ම ජීවිතයේ දරුණු සටනක් මෙහෙයවන කෙනෙකි.

මැතිව්ට මාව හමුවන්න අවැසි ප්‍රධාන හේතුව වූයේ මා රන් පදම්කම් ලැබූ බර උසුලන්නෙක් වීම නිසාය. ඒවගේම මා බාධක මැඩගෙන තමන්ගේ හීන පසුපස හඹායන ආකාරය ගැන බොහෝ දේ දත් පුද්ගලයෙක්ය.

මා මැතිව් සමග පැයක් විතර සංවාදයේ යෙදුණෙමි. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ඔහු ‘‘ ඇයි මාවම මේකට තෝරගත්තේ ‘‘ කියා ප්‍රශ්න නොනැගුවේ මාවත් පුදුම කරමින්ය. ඔහු මා සමග කථා කරේ ජයග්‍රහණය සහ ඔහුගේ හීන පසුපස යාම පිළිබදවයි. මැතිව් වෙනස් ළමයෙක් නිසා පන්තියේ ළමයි ඔහුව විහිළුවකට ගත් බවක් ඔහු නොපැවසුවේය. පෙර පැවසු පරිදි මේ ළමයා දිගින් දිගටම ඔහුගේ අනාගතයේ බලාපොරොත්තු සහ කෙදින හෝ දවසක මාත් සමග බර උසුලන බව පැවසුවේ මා හිතේද අහිංසක සතුටක් ඇතිකරමින්ය.

මැතිව් සමග සංවාදය අවසන් කළ මම මගේ බෑගය වෙත පියමැන්නෙමි. අනතුරුව ප්‍රථම වරට බර උසුලා මා දිනාගත් රන් පදක්කම ඔහුගේ කර වටා යැව්වෙමි. එයින් පසු මම ඔහුට පැවසුවේ ඔහු ජයග්‍රහයෙකුට වැඩි කෙනෙක් බවත් ඔබ මට වඩා ජීවිතේ බාධක පිළිබද බොහෝ දේ දන්නා පුද්ගලයෙක් බවත්ය. මැතිව් මා දුන් රන් පදක්කම දෙස මද වේලාවක් බලා හිද එයා මා අතට යළි දුන්නේ මෙසේ පවසමිනි.

‘‘ රික්, ඔබ ලොකු ජයග්‍රහයෙක්. මේ පදක්කම ලබාගත්තේ ඔබයි. කවදහරි දවසක මම ඔලිම්පික් ගිහින් මගේ රන් පදක්කම දිනාගත්තම, මම ඒක ඔබට පෙන්නන්නම්... ‘‘

ගෙවුනු වසන්ත සෘතුවේදී මට මැතිව් ගේ දෙමාපියන්ගෙන් ලිපියක් ලැබුණි. ඔවුන් පවසා සිටියේ මැතිව් මිය ගිය බවය. ඔහු මියයාමට පෙර දවස් කීපයකට කලින් මට ලියූ ලිපියක් ඔහුගේ දෙමාපියන් මට ලබා දුනි. 

‘‘ දයාබර රික්,

මගේ අම්මා කිව්වා ඔයා මාව හම්බවෙන්න ආව නිසා ස්තූති කරලා ලියුමක් ලියන්න ඕන කියලා. ඒ වගේම ඔයාට කියන්න දෙයක් තියෙනවා. දොස්තරලා කිව්වා මට ජීවත් වෙන්න දිගු කාලයක් නෑ කියලා. මට හුස්ම ගන්න ගොඩක් අමාරුයි. තව මම වෙනදට වැඩිය ගොඩක් ඉක්මණින් මහන්සි වෙනවා. කොහොමහරි මම මට පුළුවන් තරම් හොදින් හිනා වෙනවා. ඒත් මම දන්නවා මට කවදාවත් ඔයා වගේ ශක්තිමත් වෙන්න බෑ. අපිට කවදාවත් එකට බර උස්සන්න යන්න වෙන්නෙත් නෑ.

මම ඔයාට කිව්වා දවසක මම ඔලිම්පික් ගිහින් රන් පදක්කමක් ලබනවා කියලා. දැන් මම දන්නවා මට කවදාවත් ඒක කරන්න බැරි බව. ඒත් මම දන්නවා මම ජයග්‍රහයකයෙක් කියලා. තව ඒක දෙවියන්නුත් දන්නවා. මා පරාදවන කෙනෙක් නොවන බවත් දෙවියන් දන්නවා. මම ස්වර්ගෙට ගිය පසු දෙවියෝ මට මගේ රන් පදක්කම දේවි. ඔයා එතනට ආවම මම එ්ක ඔයාට පෙන්නන්නම්. මාව බලන්න ආවට ස්තූතියි. 

ඔබගේ මිතුරු, 
මැතිව්. 

Rick Metzger

පරිවර්තනය - Xvi Louis Archer

No comments:

Post a Comment