Friday, August 15, 2014

සුසී සමර්ස්


මට කවදාවත් අමතක වෙන්නේ නෑ එයාව දැකපු පළවෙනි දවස. එයාගේ නම තමයි සුසී සමර්ස්. එයාගේ ඇස් යට හැංගිලා තියෙන ඒ හිනාවට කොල්ලෝ වශී වෙන්නේ ඉබේටමයි. 


ඇයගේ ශරීරය ගැන කියනවනම් ඒක කාටවත් හිතාගන්න බැරි තරම් ලස්සනයි. මට හැමදාම මතක තියෙන ඇයගේ නොපෙනෙන ලස්සනත් ඒක තමයි. ඇය නිතරම අනිත් මිනිස්සු ගැන හොයලා බැලුවා. ඒ වගේම ඇය හොද ඇහුම්කන්දෙන්නියෙක්. එයාගේ විහිළුවලට ඔයාගේ මුළු දවසම එළිය කරන්න පුලුවන් සහ එයාගේ වචන වලට මිනිහෙක්ගේ දවසම හරිගස්සන්න පුලුවන් වචන.ඇයට ගොඩක් ලස්සනයි විතරක්ම නෙවේ, ඇය හැමෝටම ගරු කරා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවන් ඇය ගොඩක් නිහතමානියි. 


ඇය හැම කොල්ලෙක්ගෙම හීනයක් කියලා කියන්න ඕන නෑ. විශේෂයෙන්ම මගේ. මම දවසට එක පාරක් ඇයගේ පන්තිය ගාවට යනවා. දවසක් මට එයත් එක්ක කෑම කන්නත් පුළුවන් වුණා. ඒ වෙලාවේ මේ ලෝකයේ මුදුන් පෙත්තෙම ඉන්නේ මම කියලා හිතුනා. 

මට වෙලාවකට හිතෙනවා ‘‘ මට සූසී සමර්ස් වගේ කෙල්ලෙක් ඉන්නවනම්, මම කවදාවත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නෑ. ‘‘ ඒත් මට හිතෙන්නේ මේ තරම් ලස්සන කෙල්ලෙක් මට වැඩිය හොද කොල්ලෙක් එක්ක යාළුවෙලා ඇති. හැබැයි මම තමා ශිෂ්‍ය සංවිධානයේ ප්‍රධානියා. ඒත් මම දැනගත්තා මට ඒකට පොඩි අවස්ථාවක්වත් ඒකට නැති බව.

විශ්ව විද්‍යාලයේ උපාධි දවස උදා වුණා. මම විසින් පවත්තපු කථාවේදී මා මේ අවංක ආදරය ගැන සදහන් කරා. 

ඉතින් අවුරුද්දක් ගතවුණා. දවසක්දා මට සුසී සමර්ස්ගේ හොදම යාළුාව හම්බෙලා අපි දෙන්නා එකට දිවා ආහාරය ගත්තා. මම කොහොමහරි ගොත ගස ගසා සුසීට කොහොමද කියලා ඇහුවා. 

‘‘ එයා ඔයා ගැන හිතන එක නැවැත්තුවා.‘‘ ඇය කිව්වා.

‘‘ ඔයා මොනවා ගැනද කථා කරන්නේ? ‘‘ මම ඇහුවා.

‘‘ ඔයා හැමදාම එයාගේ පන්තිය ගාවට ඇවිත්, එයාට කැමතියි කියලා ඇගෙව්වා. මතකද එයත් එක්ක කෑම කාපු දවස? ඇය ඒ සතියෙම ෆෝන් එක ගාවමයි හිටියේ. මොකද ඇය හිතුවා ඔයා එයාගෙන් කැමැත්ත අහයි කියලා...‘‘

ඇය මට අකමැතියි වෙයි කියලා මම ගොඩක් බය වුණා. මම ඇයට කැමතියි කියලා කියන්න කවදාවත් අවධානමක් ගත්තේ නෑ. මම එහෙම කරේ ඇය මට බෑ කියයි හිතපු නිසා. මට ඇයත් එක්ක යාළුවෙන් බැරි වුණා.  ඒත් දැන් මට කවදාවත් ඇයත් එක්ක යාළු වෙන්න බෑ.    මම ඒ ගැන ගොඩක් දුක් වෙන්නේ මට කලින් ඒකට අවස්ථාවක් තිබ්බ නිසා. 

Jack Schlatter
පරිවර්ථනය - Xvi Louis Archer 


''You never lose by loving. You always lose by holding back.''

-Barbara De Angelis-

No comments:

Post a Comment