Wednesday, December 10, 2014

ෂර්ලොක් හෝම්ස් සීසන් 2 එපිසෝඩ් 2


වැසිකිලියේ අබිරහස 

විවර වූ දොරින් ඇතුලට පැමිණියේ වයස අවරුදු 48 පමණ වෙතයි සිතිය හැකි මැදිවිය පසු කරමින් සිටි පුද්ගලයෙකුය.. ඔහුට වාඩි වීමට මම අතින් සඤ්ඤා කිරීමත් සමගම හෝම්ස් නැගී සිටියේය..

"ඔහොම ටිකක් ඉන්න මහත්මයා ඇතුලට අඩියක් තියන්න එපා "

එවිට විමතියට පත් අමුත්තා මෙසේ විමසුවේය 

"ඇ ඇ ඇයි හෝම්ස් මහත්මයා ?"

"ඇයි ? ඔය ගු පාගපු සපත්තුව එළියෙන් ගලවල එනවනම් වරෙන්..මේක හැමදාම හෝදන්න අපිට බෑ "

ලජ්ජාවෙන් රතු වූ අමුත්තා තම සපත්තු ගලවා අසල තිබු පුටුවකින් හිඳගත්තා නොව පුටුවට කඩා වැටුණි...සපත්තු ගලවුවද ඔහුගේ කුණු මේස් වලින් හමනා මනරම් කරවල සුවද අපගේ නාස් පුඩු හකුලා දැමීමට සමත් විය..

දල්වා සිටින කැප්ටන් එකෙන් උගුරක් ඇද වළල්ලක් යැවූ හෝම්ස් මෙසේ විමසා සිටියේය.

"ඔබ තුමා ජිවත් වෙන්නේ නුගේගොඩ විදුරු කඩේ ප්‍රදේශයේ නේද "

"ඔව් හෝම්ස් මහත්මයා..එත් ඔබ කොහොමද දන්නේ.ඔබට පේන කියන්න පුලුවන්ද ?"

"වයර්ද ඔයි මන් සාත්තර කාරයෙක් නෙමේ..අපි ඔය පැත්තේ දේවාලෙකට යනවා ඉරිදට පුජවල් තියන්න..මන් දැකල තියනවා මහත්තය නාකි ගෑනුන්ට ටෝක් කරන්න බල්ලෙක් එක්ක හැමදාම පාරේ දුවනවා. "

එසේ කීමෙන් පසු අමුත්තාගේ මුහුණ රතු වනු අප දුටුවේය..

"ඔබ තුමාට තියෙන්නේ නිවසේ ගැටළුවක් නේද ?"

"ඔව් හෝම්ස් මහත්මයා "

"කියන්න ටිකක් ලැජ්ජා වෙන තැනක් නේද "

"ඔ ඔ ඔව් හෝම්ස් මහත්තමයා..එත් ඔබ කොහොමද..."

"මම දැනගත්තා පාරේදී පුක කස කසා හිටපු විදියට "

කි හෝම්ස් සරදමට මෙන් සිනාසුනි..

"ඉතින් ඔබගේ ගැටලුව කියන්නකෝ මහත්මය දැන්.." එසේ කීමෙන් පසු අමුත්තා මෙසේ තම කතාව අරම්බ කළේය..

"අපේ ගෙදට වැසිකිලියේ පිට මොකෙක්හරි රෙනවා හෝම්ස් මහත්මයා.."



 ටු බි කන්ටිනියුඩ් 

No comments:

Post a Comment