Wednesday, December 10, 2014

ෂර්ලොක් හෝම්ස් සීසන් 2 එපිසෝඩ් 2


වැසිකිලියේ අබිරහස 

විවර වූ දොරින් ඇතුලට පැමිණියේ වයස අවරුදු 48 පමණ වෙතයි සිතිය හැකි මැදිවිය පසු කරමින් සිටි පුද්ගලයෙකුය.. ඔහුට වාඩි වීමට මම අතින් සඤ්ඤා කිරීමත් සමගම හෝම්ස් නැගී සිටියේය..

"ඔහොම ටිකක් ඉන්න මහත්මයා ඇතුලට අඩියක් තියන්න එපා "

එවිට විමතියට පත් අමුත්තා මෙසේ විමසුවේය 

"ඇ ඇ ඇයි හෝම්ස් මහත්මයා ?"

"ඇයි ? ඔය ගු පාගපු සපත්තුව එළියෙන් ගලවල එනවනම් වරෙන්..මේක හැමදාම හෝදන්න අපිට බෑ "

ලජ්ජාවෙන් රතු වූ අමුත්තා තම සපත්තු ගලවා අසල තිබු පුටුවකින් හිඳගත්තා නොව පුටුවට කඩා වැටුණි...සපත්තු ගලවුවද ඔහුගේ කුණු මේස් වලින් හමනා මනරම් කරවල සුවද අපගේ නාස් පුඩු හකුලා දැමීමට සමත් විය..

දල්වා සිටින කැප්ටන් එකෙන් උගුරක් ඇද වළල්ලක් යැවූ හෝම්ස් මෙසේ විමසා සිටියේය.

"ඔබ තුමා ජිවත් වෙන්නේ නුගේගොඩ විදුරු කඩේ ප්‍රදේශයේ නේද "

"ඔව් හෝම්ස් මහත්මයා..එත් ඔබ කොහොමද දන්නේ.ඔබට පේන කියන්න පුලුවන්ද ?"

"වයර්ද ඔයි මන් සාත්තර කාරයෙක් නෙමේ..අපි ඔය පැත්තේ දේවාලෙකට යනවා ඉරිදට පුජවල් තියන්න..මන් දැකල තියනවා මහත්තය නාකි ගෑනුන්ට ටෝක් කරන්න බල්ලෙක් එක්ක හැමදාම පාරේ දුවනවා. "

එසේ කීමෙන් පසු අමුත්තාගේ මුහුණ රතු වනු අප දුටුවේය..

"ඔබ තුමාට තියෙන්නේ නිවසේ ගැටළුවක් නේද ?"

"ඔව් හෝම්ස් මහත්මයා "

"කියන්න ටිකක් ලැජ්ජා වෙන තැනක් නේද "

"ඔ ඔ ඔව් හෝම්ස් මහත්තමයා..එත් ඔබ කොහොමද..."

"මම දැනගත්තා පාරේදී පුක කස කසා හිටපු විදියට "

කි හෝම්ස් සරදමට මෙන් සිනාසුනි..

"ඉතින් ඔබගේ ගැටලුව කියන්නකෝ මහත්මය දැන්.." එසේ කීමෙන් පසු අමුත්තා මෙසේ තම කතාව අරම්බ කළේය..

"අපේ ගෙදට වැසිකිලියේ පිට මොකෙක්හරි රෙනවා හෝම්ස් මහත්මයා.."



 ටු බි කන්ටිනියුඩ් 

ෂර්ලොක් හෝම්ස්.

මේක මගේ වැඩක් නෙවේ. ඇඩෝල්ෆ් හිට්ලර්ගේ වැඩක්. දැන් උඹලා අහයි මේ ලෝක යුද්ධ පොරකෙගුගෙයි හෝම්ස්ගේ තිබෙන සම්බන්ධේ මොකක්ද කියලා. හිටු හිටු. ඒ ෆේක් ඩයල් එකක්. මෙන්න උගේ ලින්ක් එක.  මෙතනින් පල

ෂර්ලොක් හෝම්ස් සීසන් 2 එපිසෝඩ් 1


වැසිකිලියේ අබිරහස

පිටකොටුවට ග්‍රීෂ්ම සමය උදාවීමත් සමග මා මිත්‍ර හෝම්ස් ගතකලේ අලස ජීවිතයකි.. මන්දයත් ග්‍රීෂ්ම සෘතුව නිසා ජනයා බොහෝ සේ සිතල පෙදෙස් කරා ඇදී යාමට පටන් ගත් බැවින් ඔහුට විසදීමට තරම් ගැටළුවක් නොලැබූ නියාවෙනි...
උදෑසන බාගය වැල පත්තර හා වැල බ්ලොග් වල සැරිසැරීමට පුරුදු වූ මමද දිනෙන් දින කෙට්ටු වීමට පටන් ගැනුනි .. කසිප්පු බුලි හා උපකරණ පොලිසියට හසුවීමත් සමග ජිවත් වීමට මුදල් හම්බකිරීමේ මාර්ගද ඇහිරී ගිය නිසා හෝම්ස් ගේ මත්තේ පින්ටෝ පහර ගසාගෙන සිටීමට සිදු වුනි..
සවස් කාලයේ වතුර කැපීම නිසා හෝම්ස් සමග මම රෙදි සෝදා ස්නානය කිරීමට බේරේ වැවට යාමට කතිකා කර ගත්තෙමු.. විවර වූ ජනෙල් කව්ලුවෙන් මාර්ගය දෙස බලාසිටි හෝම්ස් ගේ මුවගට සිනහවක් නැගුණි..
"වොට්සන් බලන්න අපිට අමුත්තෙක් එනවා "
තවත් ගැටළුවක් ලැබෙතැයි යන සතුට හෝම්ස් ගේ මුහුණින් පෙනුනි..මමද ජනෙල් කව්ළුව අසලට ගොස් මාර්ගය දෙස බැලුවෙමි..
අප නිවසේ දොර අසල නවතා තිබු කැන්ගරු කැබ් එකකින් එලියට බැස්සේ තරමක් ධනවත් යයි සිතිය හැකි පුද්ගලයෙකි.. කැබ් රථයට අදාළ මුදල් ගෙවූ ඔහු විටෙක ඔලුව කසමින් විටෙක පුක කසමින් වටපිට බැලීමෙන් අප හට දැනගත හැකි වුයේ තවත් එක් ගු කේස් එකක් විසදීමට ලැබෙතැයි කියාය .. 
හිත දැඩි කරගත් ඔහු අප නිවෙසට ඒමට අඩිය තැබුවේය..අහෝ දුකකි වැරදීමෙන් ඔහු අඩිය තබා ඇත්තේ බලු ගු ගොඩකටය.. වටපිට බලා අසල තනපිස්සේ එය පිසූ ඔහු අප හමුවීමට ඒමට තරප්පු පෙළ නගිනවා ඇසුනි ..කැටයෙන් හලාගත් රුපියල් 10 න් මා ගෙනා කැප්ටන් එකක් දල්වාගත් හෝම්ස් දොර අරින මෙන් අතින් මා හට සඤ්ඤා කර තමගේ පුටුවෙහි වාඩි වුයේ ඔහු පිලිගනිමටය..

_________ ටු බි කන්ටිනියුඩ් _____________

Thursday, August 28, 2014


1995 වසන්තයේ දවසක අපේ පාසලේ වැඩසටහනකදී මට කථාවක් පවත්වන්න සිදුවුණි. ඉතින් ඔය වැඩසටහන අවසානයේදී විදුහල්පතිතුවා මට යෝජනාවක් ගෙනාවේය. ඒ කුමක්ද යත් විශේෂ ළමයෙක් බැලීමට යාමයි. එය සිදුවුණේ විදුහල්පති විසින් මට ගෙවීමක් කරන පොරොන්දුවක් මතය. කාලකණ්ණි අසනීපයක් නිසා ඒ ළමයා ගෙදරට වී සිටියත් ඔහු මාව හමුවන්න කැමති වුණි. මම අවසානයේ විදුහල්පතිගේ යෝජනාවට එකග වුණි.

ඔහු නමින් මැතිව් ය. හැතැප්ම නවයක රිය පැදවීමකින් අනතුරුව ඔහුගේ නිවසට ගොඩ වැදුණු මම ඔහු ගැන යම් යම් විස්තර ටිකක් හොයාගත්තෙමි. ඔහුට උපතේ සිට තිබෙන මාංශපේශි දුර්වලතායක් තිබිණි. ඔහු උපත ලබන විට දොස්තරවරුන් පවසා සිටියේ මොහු අවුරුදු 5 වනතුරු ජීවත්ව නොසිටින බවය. අවුරුදු 5න් පසුව ඔවුන් පැවසුවේ ඔහු අවුරුදු 10 වෙනකන් ජීවත්ව වන්නේ නැති බවය. දැන් වයස 13 වන ඔහු සැබවින්ම ජීවිතයේ දරුණු සටනක් මෙහෙයවන කෙනෙකි.

මැතිව්ට මාව හමුවන්න අවැසි ප්‍රධාන හේතුව වූයේ මා රන් පදම්කම් ලැබූ බර උසුලන්නෙක් වීම නිසාය. ඒවගේම මා බාධක මැඩගෙන තමන්ගේ හීන පසුපස හඹායන ආකාරය ගැන බොහෝ දේ දත් පුද්ගලයෙක්ය.

මා මැතිව් සමග පැයක් විතර සංවාදයේ යෙදුණෙමි. නමුත් මා බලාපොරොත්තු වූ පරිදි ඔහු ‘‘ ඇයි මාවම මේකට තෝරගත්තේ ‘‘ කියා ප්‍රශ්න නොනැගුවේ මාවත් පුදුම කරමින්ය. ඔහු මා සමග කථා කරේ ජයග්‍රහණය සහ ඔහුගේ හීන පසුපස යාම පිළිබදවයි. මැතිව් වෙනස් ළමයෙක් නිසා පන්තියේ ළමයි ඔහුව විහිළුවකට ගත් බවක් ඔහු නොපැවසුවේය. පෙර පැවසු පරිදි මේ ළමයා දිගින් දිගටම ඔහුගේ අනාගතයේ බලාපොරොත්තු සහ කෙදින හෝ දවසක මාත් සමග බර උසුලන බව පැවසුවේ මා හිතේද අහිංසක සතුටක් ඇතිකරමින්ය.

මැතිව් සමග සංවාදය අවසන් කළ මම මගේ බෑගය වෙත පියමැන්නෙමි. අනතුරුව ප්‍රථම වරට බර උසුලා මා දිනාගත් රන් පදක්කම ඔහුගේ කර වටා යැව්වෙමි. එයින් පසු මම ඔහුට පැවසුවේ ඔහු ජයග්‍රහයෙකුට වැඩි කෙනෙක් බවත් ඔබ මට වඩා ජීවිතේ බාධක පිළිබද බොහෝ දේ දන්නා පුද්ගලයෙක් බවත්ය. මැතිව් මා දුන් රන් පදක්කම දෙස මද වේලාවක් බලා හිද එයා මා අතට යළි දුන්නේ මෙසේ පවසමිනි.

‘‘ රික්, ඔබ ලොකු ජයග්‍රහයෙක්. මේ පදක්කම ලබාගත්තේ ඔබයි. කවදහරි දවසක මම ඔලිම්පික් ගිහින් මගේ රන් පදක්කම දිනාගත්තම, මම ඒක ඔබට පෙන්නන්නම්... ‘‘

ගෙවුනු වසන්ත සෘතුවේදී මට මැතිව් ගේ දෙමාපියන්ගෙන් ලිපියක් ලැබුණි. ඔවුන් පවසා සිටියේ මැතිව් මිය ගිය බවය. ඔහු මියයාමට පෙර දවස් කීපයකට කලින් මට ලියූ ලිපියක් ඔහුගේ දෙමාපියන් මට ලබා දුනි. 

‘‘ දයාබර රික්,

මගේ අම්මා කිව්වා ඔයා මාව හම්බවෙන්න ආව නිසා ස්තූති කරලා ලියුමක් ලියන්න ඕන කියලා. ඒ වගේම ඔයාට කියන්න දෙයක් තියෙනවා. දොස්තරලා කිව්වා මට ජීවත් වෙන්න දිගු කාලයක් නෑ කියලා. මට හුස්ම ගන්න ගොඩක් අමාරුයි. තව මම වෙනදට වැඩිය ගොඩක් ඉක්මණින් මහන්සි වෙනවා. කොහොමහරි මම මට පුළුවන් තරම් හොදින් හිනා වෙනවා. ඒත් මම දන්නවා මට කවදාවත් ඔයා වගේ ශක්තිමත් වෙන්න බෑ. අපිට කවදාවත් එකට බර උස්සන්න යන්න වෙන්නෙත් නෑ.

මම ඔයාට කිව්වා දවසක මම ඔලිම්පික් ගිහින් රන් පදක්කමක් ලබනවා කියලා. දැන් මම දන්නවා මට කවදාවත් ඒක කරන්න බැරි බව. ඒත් මම දන්නවා මම ජයග්‍රහයකයෙක් කියලා. තව ඒක දෙවියන්නුත් දන්නවා. මා පරාදවන කෙනෙක් නොවන බවත් දෙවියන් දන්නවා. මම ස්වර්ගෙට ගිය පසු දෙවියෝ මට මගේ රන් පදක්කම දේවි. ඔයා එතනට ආවම මම එ්ක ඔයාට පෙන්නන්නම්. මාව බලන්න ආවට ස්තූතියි. 

ඔබගේ මිතුරු, 
මැතිව්. 

Rick Metzger

පරිවර්තනය - Xvi Louis Archer

Friday, August 15, 2014

මගේ පළවෙනි හාද්ද.


මගේ නම මේරි ජේන්. මම හරිම ලැජ්ජාශීලී කෙල්ලෙක්. ඉතින් මගේ පළවෙනි පෙම්වතත් එහෙමම තමා. අපි දෙන්නා විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙනගත්තා. අපි යාළු වුණේ මාස හයකට විතර කලින්. ඉතින් අපි අත් අල්ලාගෙන හිටියා, චිත්‍රපටි බැලුවා, ඔය එක එක පිස්සු දේවල් කථා කරා. කොහොමහරි අපි දෙන්නා නිතරම සිපගන්න ඔන්න මෙන්න අවස්ථාවට එනවා. අපි දෙන්නම දන්නවා සිපගන්න ඕන කියලා. ඒත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් ඒක කරන්න ධෛර්යයක් නැහැ. 

අන්තිමට, අපි දෙන්නා සාලේ ඉදගෙන ඉන්න වෙලාවට ඔහු මුලින්ම ඒක කරන්න තීරණය කරා. අපි කාලගුණය ගැන තමයි කථා කර කර හිටියේ. ඊට පස්සේ ඔහු මගේ මූණට ඔහුගේ මූණ ළං කරා. මම කොට්ටයකින් අවහිර කරා. ඔහු කොට්ටය සිපගත්තා!

මටත් ඔහුව සිපගන්න ලොකු ඕනෑකමක් තිබ්බේ. ආයිත් ඔහු මම ගාවට ළං වුණා. මම අයින් වුණා. ඔහු තවත් ළං වුණා. ඒ වෙලාවේ අපි චිත්‍රපටයක් ගැන කථා කර කර හිටියේ. ඔහු ආයිත්  ළං වුණා. මමත් ආයිත් ඔහුව අවහිර කරා. 

මම පිටිපස්සට ගියා. ඔහු මගේ පස්සෙන් ආවා. අපි කථා කරා. ඔහු තවත් ළං වුනා... මම ගෙදර ඉස්සරහ දොර ගාවට ගිහින් හිටගත්තා. ඊට පස්සේ බිත්තියට විරුද්ධව මූණ හරවගෙන අත් දෙකෙන් කටවහගෙන ඔහුගෙන් මෙහෙම ඇහුවා.

‘‘ හරි, ඔයා දැන් මාව සිපගන්නද යන්නේ? ‘‘

‘‘ ඔවු. ‘‘ ඔහු කිව්වා. 

ඉතින් මම කෙලින් හිටගෙන ඇස් දෙක වහගත්තා. ඉතින් මම තොල්දෙක ඉස්සරහට දික් කරා. මම ඇස් දෙක පියාගෙන එහෙම දිගටම හිටියා. (ඇයි ඔහු මාව සිපගන්නේ නැත්තේ?) මම ඇස් දෙක ඇරියා. ඔහු මගේ ඉස්සරහට එනවා. මම හිනාවුනා.

ඔහු මගේ දත් සිපගත්තා!

ඔහු එතනින් ගියා.

එදා වෙච්ච මගේ අමුතු හැසිරීම එයා කාටහරි කියයිද කියලා මට හිතා ගන්න බැරිවුණා. ඉතින් මම ඒක වුණු දවසේ ඉදන් අවුරුදු දෙකක් ගොඩක් අයගෙන් ඈත් වෙලා ජීවත් වුණා. විශ්ව විද්‍යාලයේ කාත් එක්කවත් යාළු වුණේ නෑ. මම ඉස්කෝලේ පඩිපෙලේ ඇවිදගෙන යද්දී අර කලින් හාදයා හරි වෙන කොල්ලෙක් දැක්කනම් මම ක්ෂණිකව ළගම තියෙන කාමරේකට රිංගනවා. ඊට පස්සේ ඔහු යනකන් ඉදලා යනවා. මම මෙහෙම මුහුණ නොදුන්නේ මම පොඩිකාලේ ඉදන්ම අදුරන කොල්ලන්ට.

විශ්ව විද්‍යාලයේ පළවෙනි අවුරුද්දෙදි, මම අධිෂ්ටාන කරගත්තා ගොඩ කාලයක් ලැජ්ජාශීලී වෙන්නේ නෑ කියලා. මට විශ්වාසවන්තව සහ විනීතව සිපගන්න ඕන වුණා. ඒ්ක මම කරා.

වසන්ත කාලයේදී මම ගෙදර ගියා. ඊට පස්සේ අපි නිතරම ගිය බාර් එකට ගියා. හිතන්න පුළුවන්ද එදා බාර් එකේ ඉදගෙන හිටියේ කවුද කියලා. මාව එදා සිපගන්න ගිය කොල්ලා. මම ඔහු ඉන්න තැනට ගිහින් ඔහුගේ පිටට තට්ටු කරා. ඔහුගේ පුටුව පස්සට තල්ලු කරලා මා ගාවට ඇදලා ගත්තා. ඊට පස්සේ මම ඔහුව මගේ හොදම හාදුවෙන් සිපගත්තා. අනතුරුව ඔහු ඉදිරියේ හිටගෙන මම කිව්වා 

‘‘ ඔන්න එහෙනම් මම ඒක කරා‘‘ කියලා.

ඔහු මට එහා පැත්තෙන් හිටපු ගැහැණිය පෙන්නලා කිව්වා. 

‘‘ මෙරි ජේන්. මම කැමතියි මගේ බිරිදට ඔයාට හදුන්වලා දෙන්න‘‘ 


Mary Jane West-Delgado
පරිවර්ථනය- බුද්ධිල යසස්

හැමතිස්සෙම දෙයක් හිතන්න!


ඇමරිකාවේ ඉතාම ප්‍රසිද්ධ හා ඉතාම දක්ෂ බැංකුකරුවකු වන ප්‍රෑන්ක් ඒ. වැන්ඩර්ලිප් නිව්යෝර්ක් නගරයේ නැෂනල් සිටි බැංකුවේ වැඩ කරන්නට ගියේය.

දක්ෂයකු වූ බැවින් හා වටිනා මිනිසකු සේ පිළිගැනෙන්නට හේතු වුනු මුදුන් පමුණුවාගැනීම් පිළිබද වාර්තා තිබුණ බැවින් ආරම්භයේ සිට ම ඔහුගේ වැටුප සාමාන්‍ය ප්‍රමාණයට වැඩි වුයේය. 

කදිම මැහෝගනි මේසයකින් හා සනීප පුටුවකින් යුතු පෞද්ගලික කාර්ය්‍යාලයයක් ඔහුට දෙනු ලැබුවේය. පිටත ලේකම් කෙනෙකුගේ මේසයට සම්බන්ධ විදුලි බොත්තමක් මේසයට මුදුනෙහි වූයේය.

ඔහුගේ මේසය වෙත කිසිම වැඩක් නොපැමිණ පළමු දිනය ගෙවී ගියේය. දෙවැනි තුන්වැනි හා හතරවැනි දිනත් වැඩක් නැතිව ගෙවී ගියේය. කිසිවකු ඇතුළට පැමිණියේ වත් කිසිවක් කීවේත් නැත.

සතිය අවසානයේදී හෙතෙම නොසන්සුන් වීමට පටන්ගත්තේය. (ක්‍රියාකාරී මිනිස්සු පෙනෙන්නට වැඩක් නැති හැම විටකම නොසන්සුන් වෙති.) 

ඊළග සතියේදී වැන්ඩර්ලිප් මහතා සභාපතිගේ කාමරයට ගොස් ‘‘ මේ බලන්න. ඔබ මට විශාල පඩියක් ගෙවන නමුත් කරන්නට කිසිවක් පවරන්නේ නැත. එය මහත් තැවුලට හේතුවක් ‘‘ යැයි කීයේය.

සිය තියුණු ඇස්වලින් කාන්තියක් පිට කරමින් සභාපතිවරයා හිස ඔසවා ඔහු දෙස බැලුවේය. 

‘‘ කිසිත් කරන්නට නැතිව එහි ඉදගෙන සිටින අතර මා කල්පනා කළා මේ බැංකුවේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේ සැලැස්මක් ගැන ‘‘ යැයි වැන්ඩලිප් මහත් තව දුරටත් කීයේය.

සිතීමත් සැලැසුමුත් අගනා දේවල් බව ඒකාන්ත ස්වරයකින් පවසා ඒ සාකච්ඡාව දිගට කැර ගෙන යන මෙන් සභාපතිවරයා ඔහුට කීවේය.

‘‘ බැදුම්කර ව්‍යාපාරයෙන් මා ලබා ඇති අත්දැකීම්වල වාසිය බැංකුවට ලැබෙන ආකාරයේ සැලැස්මක් ගැන මා හිතුවා. බැදුම්කර දෙපාර්තමේන්තුවක් මේ බැංකුවෙහි ඇති කරන මෙන් හා එය අප ව්‍යාපාරයේ අංගයක් හැටියට ප්‍රචාරය කරන මෙන් මා යෝජනා කරනවා. ‘‘ යැයි වැන්ඩලිප් මහතා කීයේය.

‘‘ මොකක් මේ බැංකුව ප්‍රචාරය කරන්න ‘‘ යැයි සභාපතිවරයා ප්‍රශ්න කළේය. ව්‍යාපරික කටයුතු පටන් ගත් දා සිට අප කිසි දාක ප්‍රචාරයක් කළේ නැහැ. ප්‍රචාරයකින් තොරව කටයුතු කැරගෙන යන්නට අපට හැකිවී තිබෙනවා.

‘‘ හොදයි, ඔබ ප්‍රචාරය පටන් ගන්නට යන්නේ මෙතැනින් ‘‘ යැයි වැන්ඩලිප් මහතා කීයේය. ‘‘ ඔබ ප්‍රචාරය කරන්නට යන පළමු වැන්න මා සැලැසුම් කැර තිබෙන බැදුම්කර දෙපාර්තමේන්තුවයි!‘‘ 

වැන්ඩලිප් මහතා දිනුවේය! ක්‍රියාකාරී පුද්ගලයෝ සිරිතක් වශයෙන්ම දිනති. කවරම බැංකුවකින් කවරදාක හෝ කැර ගෙන ගිය ප්‍රගතශීලී ඵලදායක ප්‍රචාරයට මුල පිරුනේ ඒ සාකච්ඡාවෙන් බැවින් නැෂනල් සිටි බැංකුවද දිනුවේය. එහි ප්‍රතිඵලයක් හැටියට ඒ බැංකුව ඇමරිකාවේ තිබෙන ඉතාම බලගතු මූල්‍ය ආයතනයන් ගෙන් එකක් බවට පත් වූයේය.

සුසී සමර්ස්


මට කවදාවත් අමතක වෙන්නේ නෑ එයාව දැකපු පළවෙනි දවස. එයාගේ නම තමයි සුසී සමර්ස්. එයාගේ ඇස් යට හැංගිලා තියෙන ඒ හිනාවට කොල්ලෝ වශී වෙන්නේ ඉබේටමයි. 


ඇයගේ ශරීරය ගැන කියනවනම් ඒක කාටවත් හිතාගන්න බැරි තරම් ලස්සනයි. මට හැමදාම මතක තියෙන ඇයගේ නොපෙනෙන ලස්සනත් ඒක තමයි. ඇය නිතරම අනිත් මිනිස්සු ගැන හොයලා බැලුවා. ඒ වගේම ඇය හොද ඇහුම්කන්දෙන්නියෙක්. එයාගේ විහිළුවලට ඔයාගේ මුළු දවසම එළිය කරන්න පුලුවන් සහ එයාගේ වචන වලට මිනිහෙක්ගේ දවසම හරිගස්සන්න පුලුවන් වචන.ඇයට ගොඩක් ලස්සනයි විතරක්ම නෙවේ, ඇය හැමෝටම ගරු කරා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් කියනවන් ඇය ගොඩක් නිහතමානියි. 


ඇය හැම කොල්ලෙක්ගෙම හීනයක් කියලා කියන්න ඕන නෑ. විශේෂයෙන්ම මගේ. මම දවසට එක පාරක් ඇයගේ පන්තිය ගාවට යනවා. දවසක් මට එයත් එක්ක කෑම කන්නත් පුළුවන් වුණා. ඒ වෙලාවේ මේ ලෝකයේ මුදුන් පෙත්තෙම ඉන්නේ මම කියලා හිතුනා. 

මට වෙලාවකට හිතෙනවා ‘‘ මට සූසී සමර්ස් වගේ කෙල්ලෙක් ඉන්නවනම්, මම කවදාවත් කෙල්ලෙක් දිහා හැරිලවත් බලන්නේ නෑ. ‘‘ ඒත් මට හිතෙන්නේ මේ තරම් ලස්සන කෙල්ලෙක් මට වැඩිය හොද කොල්ලෙක් එක්ක යාළුවෙලා ඇති. හැබැයි මම තමා ශිෂ්‍ය සංවිධානයේ ප්‍රධානියා. ඒත් මම දැනගත්තා මට ඒකට පොඩි අවස්ථාවක්වත් ඒකට නැති බව.

විශ්ව විද්‍යාලයේ උපාධි දවස උදා වුණා. මම විසින් පවත්තපු කථාවේදී මා මේ අවංක ආදරය ගැන සදහන් කරා. 

ඉතින් අවුරුද්දක් ගතවුණා. දවසක්දා මට සුසී සමර්ස්ගේ හොදම යාළුාව හම්බෙලා අපි දෙන්නා එකට දිවා ආහාරය ගත්තා. මම කොහොමහරි ගොත ගස ගසා සුසීට කොහොමද කියලා ඇහුවා. 

‘‘ එයා ඔයා ගැන හිතන එක නැවැත්තුවා.‘‘ ඇය කිව්වා.

‘‘ ඔයා මොනවා ගැනද කථා කරන්නේ? ‘‘ මම ඇහුවා.

‘‘ ඔයා හැමදාම එයාගේ පන්තිය ගාවට ඇවිත්, එයාට කැමතියි කියලා ඇගෙව්වා. මතකද එයත් එක්ක කෑම කාපු දවස? ඇය ඒ සතියෙම ෆෝන් එක ගාවමයි හිටියේ. මොකද ඇය හිතුවා ඔයා එයාගෙන් කැමැත්ත අහයි කියලා...‘‘

ඇය මට අකමැතියි වෙයි කියලා මම ගොඩක් බය වුණා. මම ඇයට කැමතියි කියලා කියන්න කවදාවත් අවධානමක් ගත්තේ නෑ. මම එහෙම කරේ ඇය මට බෑ කියයි හිතපු නිසා. මට ඇයත් එක්ක යාළුවෙන් බැරි වුණා.  ඒත් දැන් මට කවදාවත් ඇයත් එක්ක යාළු වෙන්න බෑ.    මම ඒ ගැන ගොඩක් දුක් වෙන්නේ මට කලින් ඒකට අවස්ථාවක් තිබ්බ නිසා. 

Jack Schlatter
පරිවර්ථනය - Xvi Louis Archer 


''You never lose by loving. You always lose by holding back.''

-Barbara De Angelis-